ආදම්ගේ කඳු මුදුන හෙවත් ශ්‍රී පාදය


ආදම්ගේ කඳු මුදුන හෙවත් ශ්‍රී පාදය, වන්දනා කිරීම සදහා ඉතා ප්‍රසිද්ධ පුරාණ ආගමික ස්ථානයකි. බෞද්ධයන් විශ්වාස කරන ආකාරයට කඳු මුදුනේ ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පා සටහනයි. එමෙන්ම මහාවංශය තුළද බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී සමන් දෙවිඳුන්ගේ ඇරයුමෙන් සමන්ත කූඨයට වැඩම කර එහි සිරිපා සටහන් තැබූ බව සදහන් වෙයි. 

අඩි 7000 ක් පමණ උස කන්දක් වන මෙය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. කන්ද දිගේ ඇති කලාපය වනජීවී රක්ෂිතයක් වන අතර අලි ඇතුන්ගේ සිට දිවියන් දක්වා ආවේණික සත්ව විශේෂ ගණනාවක් මෙහි වාසය කරයි. එමෙන්ම මෙය ජල පෝෂකයක් ලෙසද වැදගත් වේ.

ඉස්ලාමීය  සම්ප්‍රදාය තුළ මෙය ආදම්ගේ පා සලකුණ බවත් පාරාදීසයෙන් නෙරපා දැමීමෙන් පසු පෘතුවියට පළමු වරට පා තබන විට සටහන්ව ඇති නිසා එයට "ආදම්ගේ කඳු මුදුන"ලෙස ඇමතූ බවට මතයක් ඇත. 

පා ගමනින් කඳු මුදුනට පැමිණීම දුෂ්කර වුවත් ඓතිහාසික වශයෙන් වැදගත් වන මෙම ස්ථානයට, ආගම් භේදයකින් තොරව පැමිණෙන බැතිමතුන් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගනී.

Comments

Post a Comment

Popular posts from this blog

ගඩලාදෙණිය විහාරය