ගඩලාදෙණිය විහාරය
කැටයම් හා මූර්ති කලාවේ යම් පිරිහීමක් ඇතිවූ ගම්පල යුගයේ මෙවැනි විශිෂ්ට නිර්මාණයක් බිහිවීම අතිශය පුදුමාකාරය. මහනුවර දිස්ත්‍රික්කයේ ලංකාතිලක විහාරයට මදක් නුදුරින් පිහිටා ඇති ගඩලාදෙණිය විහාරය සමකාලීන ද්‍රවිඩ කලා ලක්ෂණයන් හොඳින් නිරූපණය වන ආකාරයෙන් කලුගලක් මත නිර්මාණය කර ඇත.
4 වන බුවනෙකබාහු රජු විසින් නිර්මාණය කළා යැයි විශ්වාස කරන මෙහි දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පය මනාවට පිළිඹිබු වේ. විහාරය තුළ හින්දු දෙවිවරුන්ගේ පිළිමයන්ද දක්නට ලැබෙන අතර එයින් එවකට පැවති හින්දු ආගමේ බලපෑම වඩාත් හොඳින් ඉස්මතු කරයි.
විජයන්ත ප්‍රාසාදය නොහොත් විජයොත්පාය, ගඩලාදෙණි විහාරය තුළ හමුවන තවත් සුවිශේෂී නිර්මාණයකි. ලාංකීය ගෘහනිර්මාණ ශිල්පය මෙන්ම දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයේ සංකලනයක් ලෙසට විජයොත්පාය පෙන්වා දිය හැක.
ධර්ම කීර්ති විහාරය ලෙසද ප්‍රචලිත මෙය වන්දනාකරුවන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ තවත් එක් ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථානයකි.
-ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි-
Good Job ❤
ReplyDeleteGreat job
ReplyDeleteVery important ❤️
ReplyDelete😍👍
ReplyDelete