සීගිරිය
සීගිරිය ශ්‍රී ලංකාවේ ඇති වටිනාම ඓතිහාසික ස්මාරකයක් යැයි කිවහොත් නිවැරදිය. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අධි ආරක්ෂිත බලකොටුවක් ලෙස ප්‍රකට මෙය, කාශ්‍යප රජතුමා විසින් තම පියා වූ ධාතුසේන රජු මරාදැමීමෙන් පසු ඔහුගේ සොහොයුරා වූ මුගලන් ගෙන් එල්ලවූ තර්ජනයන්ට බියෙන් තම ආරක්ෂාව සඳහා ඉදිකරවූ බවට මතයක් පවතී.
පැරණි නාගරික සැලසුම්කරණයේ හොඳම සංරක්ෂිත උදාහරණයක් ලෙස හැඳින්විය හැකි සීගිරියේ, දැවැන්ත ගල් පඩි තුළින් එකල පැවති විශිෂ්ට නිර්මාණ ශක්තීන් විදහා දක්වයි. මෙහි ඇති බිතුසිතුවම් සමකාලීන ඉන්දියානු අජන්තා ගුහා සිතුවම් සමග සසඳන විට සජීවී බවින් ඉහළ මට්ටමක පවතී යන්න මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. එමෙන්ම කැටපත් පවුරේ ඇති සීගිරි ගී වල සුවිශේෂත්වය නම් ඒවා සම්භාව්‍ය සාහිත්‍යය ලක්ෂණයන්ගෙන් තොර එදිනෙදා ජනවහරින් නිර්මාණය වී තිබීමයි.
ලෝකයේ අටවන ආශ්චර්යය ලෙස ප්‍රකට සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි. මෙම පෞරාණික මාළිගාව සහ බලකොටුව සැලකිය යුතු ඓතිහාසික වටිනාකමකින් සමන්විත අතර සෑම වසරකම පාහේ දහස් ගණනක් සංචාරකයන් ආකර්ෂණය කිරීමට සමත් වී ඇත.-ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි-
Comments
Post a Comment